Monday, April 28, 2014

නකල්ස් වන අරණේ අසිරිය සොයා - (පළමු කොටස)

සොබා දහමේ  චමත්කාරය එහි අසිරිමත් බව දෑසින් බලා විඳින්නට හැකි තැන් ලංකාවේ කෙතෙක් නම් තියෙනවාද? මිහිපිට පාරාදීසයක් බඳු මේ සුන්දර දිවයින පුරා විසිරී පැතිරී ඇති ගංගා ඇළ දොළ , දිය ඇළි කඳු හෙල් වනාන්තර ආදියෙහි සිරි අසිරිය අප හැබැහින් විඳ ඇත්තේ කෙතරම් අල්ප වශයෙන් දැයි  සිතෙන්නේ අප දිවයින සතු අති මහත් ස්වභාවික සම්පත හේතුවෙනි.


මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පිහිටා ඇති නකල්ස් කඳු පන්තිය දකුණින් හා නැගෙනහිරින් මහවැලි ගඟ නිසා මධ්‍යම කඳුකරයෙන් වෙන් වෙන අතර බටහිරින් මහවැලි නිමිනයෙන් ද සීමා වන හෙක්ටයාර 21,000 කින් යුත් කඳු පන්ති සමූහයකි.


මහනුවර දිස්ත්‍රික්කය ආශ්‍රිතව පිහිටා ඇති ප්‍රධාන කදු පන්ති අතර උඩදුම්බර, මැදදුම්බර, මිනිපේ සහ පන්විල ප්‍රාදේශිය ලේකම් කෝට්ඨාසවල පිහිටි නක්ල්ස් කදුවැටිය දිස්ත්‍රික්කයේ සුවිශේෂිත පාරිසරික කලාපයක් වේ. එසේම වර්ග සැතපුම් 62 ක් තරම් විශාල ප‍්‍රදේශයක පැතිරුණු අඩි 3000 ත් 6500 ත් අතර උසකින් යුත් නක්ල්ස් කඳු පංතිය, “මෙළවු” අතක ඇඟිලි ඇට පෙළ මෙන් විහිදෙන යන අර්ථය නිසාම මීට “නකල්ස්” යන්න ව්‍යවහාර කැරේ.




මෙ දිග හැරන්නෙ අපි කොළඹ සිට සොදුරු නකල්ස් වන අරණේ අසිරිය සොයා ගිය අපුරැ ගමනක අත්දැකිම් පෙළගැස්මයි..........................


මුලින්ම අපේ කට්ටිය හදුන්වලා දෙන්නම්කො, කලින් වතාවේ නාවලපිටියේ කබරගල ගිය අයගෙන් පිරිසක් වගේම අලුත් සාමාජිකයකුත් මේ පාර ගමනට එක් කරගන්න අපට පුලුවන් වුනා. මතකනේ අපේ කබරගල ගමන

කබරගල කන්දට යමුද.............(පළමු කොටස)
කබරගල කන්දට යමුද...........(දෙවන කොටස)


මෙ තමයි අපේ කට්ටිය
( තිවංග , නාරං, ග්‍රේෂන්, තිවංක, නාලක, කපිල, සමිර )

අපි නකල්ස් යන්න තිරණේ කළේ වත්තෙගම බඹරැල්ල හරහායි. මෙ ගමනට සති 2 කට විතර කලින් අපේ ග්‍රේෂන් බඹරැල්ලට ගිහින් නකල්ස් දෙමළ මහ විදුහලේ විදුහල්පතිතුමා හමුවෙලා නවාතැන් ආහාර හොයා ගන්න විදිය කතා කරගෙන ආපු එකනම් අපිට ලොකු පහසුවක් උනා.

කොළඹින් සිකුරාදා හවස 3.30 විතර පිටත් උන අපි නුවරට එද්දි 7.30 ට විතර ඇති. අපි නුවරින් වත්තෙගම යද්දි වත්තෙගම ඉදන් බඹරැල්ලට රාත්‍රි 9 ට  යන අන්තිම බස් එක ගමන් අරඹන්න සුදානමිනුයි තිබුනේ.


රාත්‍රි 10.30 පමණ වන විට බඹරැල්ල දෙමළ මහ විදුහලට එන්න අපට පුලුවන් වුනා. පාසලට ගිය අපිව විදුහල්පතිතුමා උණුසුම් අයුරින් පිළිගත්තා.

පාසලේ රාත්‍රි නවාතැන් ගත් අපි සෙනසුරවාදා උදැසන අපි රාත්‍රියේ නොදුටු පාසල අවට පරිසරය දැකගන්න පුලුවන් වුනා. 










  අපි කලින් කතා කරගෙන තිබුන විදියට මෙ විදුහලේම තවත් ගුරුතුමෙක් අපේ උදැසන ආහාරය වගේම අපිට ගෙනියන්න දහවල් ආහාරයත් ගෙනත් දුන්නා. උදැසන ආහාරය පාසලේදිම ගත්ත අපි ගමෙ පාසල ලග ගෙදරකින් උයන්න ඔන කරන වලං එහෙම ඉල්ල ගෙන විදුහල්පතිතුමාටත් සමු දිලා ගමන ආරම්භ කළා.





ගම මැද්දෙන් සොදුරු නකල්ස් වනයට 













ගම්මානේ පහු කරපු අපි ඔන්න නකල්ස් වන අරණේ ආරම්භක ස්ථානයට ආවා. මේ පුවරුවට පුලුවන් වුනා අපි කොයි පැත්තටද යන්න ඔන කියලා පෙන්වන්න






මෙතනින් කෑළැවට ඇතුල් වුන අපිට වැඩි දුරක් යන්නට කළින් ස්වාභාව ධර්මයේ අපුරු නිර්මානයක් හම්බ වුනා








මෙතනදි නකල්ස් කන්ද නගින්න යන තවත් පිරිසක් හම්බ වුනා. මෙ අය ආවේ ගමේ තිබුන හෝටලයක ඉදන්. මේ අයත් එක්ක හෝටලයේ ඇති දැඩි කරපු බල්ලෝ දෙන්නෙකුත් ආවා. ඒ අය කිව්ව විදියටනම් හෝටලයේ ඉදන් නකල්ස් යන ඔනම කෙනෙක් එක්ක මේ දෙන්නත් එනවලු. නියම වැඩෙ කියන්නෙ මේ දෙන්නා එයාලගේ අයිතිකාරයින්ගෙන් මග හැරිලා අපිත් එක්ක එන්න පටන් ගත්ත එකයි.









එන්න එන්නම ගමන දුෂ්කර වුනත් පරිසරයේ සුන්දරත්වයනම් වචන වලින් කියලා නිම කරන්න බැහැ.










කොහොමින් කොහොමින් හරි ඔන්න අපි අන්තිමෙදි නකල්ස් කදු වැටියේ දෙවන කන්දට නැත්නම් උසම කන්දට ආවා. මේ වෙද්දි වෙලාව හවස 2 ට වගේ ඇති.




මෙ වෙද්දි අධික මිදුමකින් වට පිටාව වැහලයි තිබුනේ. අපි කට්ටිය අපේ නවාතැන පිළියෙල කරන්න පටන් ගත්තා.






එහෙනම් මේ ගමනේ දෙවන කොටසින් අපි බලමු කන්දෙ ඉදන් අපි දුටුව සුන්දරත්වය ...................................

4 comments:

  1. ඵල කිරි සහෝ........ දිගටම කරගෙන යන්න. ගොඩක් වැදගත් අපේ travel කරන යාලුවන්ට......

    ReplyDelete
  2. නියම වැඩක් ඊළග කොටසත් දාන්න ඉක්මනට.................

    ReplyDelete
  3. Casino.com Archives - ScoopGo
    Casino.com Archives - https://jancasino.com/review/merit-casino/ ScoopGo.com's collection of https://febcasino.com/review/merit-casino/ online gri-go.com casino and sports septcasino betting tips, casino games, video slots, live dealer https://septcasino.com/review/merit-casino/ games and more!

    ReplyDelete