සොබා දහමේ චමත්කාරය එහි අසිරිමත් බව දෑසින් බලා විඳින්නට හැකි තැන් ලංකාවේ කෙතෙක් නම් තියෙනවාද? මිහිපිට පාරාදීසයක් බඳු මේ සුන්දර දිවයින පුරා විසිරී පැතිරී ඇති ගංගා ඇළ දොළ , දිය ඇළි කඳු හෙල් වනාන්තර ආදියෙහි සිරි අසිරිය අප හැබැහින් විඳ ඇත්තේ කෙතරම් අල්ප වශයෙන් දැයි සිතෙන්නේ අප දිවයින සතු අති මහත් ස්වභාවික සම්පත හේතුවෙනි.
මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පිහිටා ඇති නකල්ස් කඳු පන්තිය දකුණින් හා නැගෙනහිරින් මහවැලි ගඟ නිසා මධ්‍යම කඳුකරයෙන් වෙන් වෙන අතර බටහිරින් මහවැලි නිමිනයෙන් ද සීමා වන හෙක්ටයාර 21,000 කින් යුත් කඳු පන්ති සමූහයකි.
මහනුවර දිස්ත්‍රික්කය ආශ්‍රිතව පිහිටා ඇති ප්‍රධාන කදු පන්ති අතර උඩදුම්බර, මැදදුම්බර, මිනිපේ සහ පන්විල ප්‍රාදේශිය ලේකම් කෝට්ඨාසවල පිහිටි නක්ල්ස් කදුවැටිය දිස්ත්‍රික්කයේ සුවිශේෂිත පාරිසරික කලාපයක් වේ. එසේම වර්ග සැතපුම් 62 ක් තරම් විශාල ප්‍රදේශයක පැතිරුණු අඩි 3000 ත් 6500 ත් අතර උසකින් යුත් නක්ල්ස් කඳු පංතිය, “මෙළවු” අතක ඇඟිලි ඇට පෙළ මෙන් විහිදෙන යන අර්ථය නිසාම මීට “නකල්ස්” යන්න ව්‍යවහාර කැරේ.
මෙ දිග හැරන්නෙ අපි කොළඹ සිට සොදුරු නකල්ස් වන අරණේ අසිරිය සොයා ගිය අපුරැ ගමනක අත්දැකිම් පෙළගැස්මයි..........................