Wednesday, November 13, 2013

කබරගල කන්දට යමුද.............(පළමු කොටස)


මෙන්න මේක තමයි කබරගල කන්ද කියන්නෙ. කන්දේ යන්න පටන් ගන්න කලියෙන් කන්ද ගැන පොඩි විස්තරයක් කියලම ඉන්නම්කෝ

කන්ද තියෙන්නෙ මහනුවර දිස්ත්‍රික්කෙ නාවලපිටිය town එක කිට්ටුවමයි.මුහුදු මට්ටමෙ ඉදන් 1506m උසකින් තමා මේ කන්ද තියෙන්නෙ. නාවලපිටිය ගිනිගත්හේන පාරෙනුත් නාවලපිටිය දොලොස්බාගේ පාරෙනුත් කන්දට යන්න පුලුවන්. කන්දට පහලින් තියෙන්නෙ තනිකරම වාගේ ෆයිනස් කැලැවක් ඒ වගේම තේ වතුත් තියෙනවා. වෙලාවකට මිදුමෙන් වැහිගෙන යන කන්ද නාවලපිටියට ගෙන්නෙ නම් අපුරු සුන්දරත්වයක් කිවොත් වරදක් නෑ.



මගේ ගෙවල් නාවලපිටියේ නිසා ඔන්න මගේ යාලුවෝ set එක colombo ඉදන්ම අපේ ගෙදර ආවා. කට්ටිය රෑ 8 train එකේ එන්න හිටියත් train එක miss උන නිසාත් රාමසාන් නිසා බස්වලටත් සෙනග නිසාත් පාන්දරම තමයි  ආවේ.



මේ තමයි කොළඹ ඉදන් ලගම පාර අවිස්සාවෙල්ල හරහා, 110 Km තියෙනවා.බස් එකේ තමයි ගමන තියෙන්නෙ, මාර්ග අංක 78 දිගටම නාවලපිටියට හැබැයි අන්තිම බස් එක 4 ට තියෙන්නෙ. නැත්නම් 18 හරි 23 හැටන් එකක ඇවිත් ගිනිගත්හේනෙන් බැහැලා නාවලපිටිය බස් එක ගන්න ඔන, 


කවුරුත් කැමති කොච්චියේ එන්නනෙ. කොළඹින් අන්තිම කොච්චිය රෑ 8, පාන්දර එක වෙද්දි නාවලපිටියට එනවා,උදේ නම් 5.45 ට තමා පළවෙනි කොච්චිය.9.30 වෙද්දි නාවලපිටියට එනවා.නැත්නම් පේරාදෙනිය හරහා බස් එකේ එන්නත් පුලුවනි.

දැන් බලමුකො කවුද මෙ set එක කියලා


වමෙ සිට දකුණට - සිලි, රාජා, සමි,  නාලක, හර්ෂ, ගමේ බුවා වන මම නාරං, දුලිප්, තිවා

මහන්සි මොකුත් නොබලම කට්ටිය කන්දෙ යන්න ඔන කරන ආම්පන්න කෑම බිම ලක ලැහැස්ති කරන්න පටන් ගත්තා. දවල්ට කෑම එකනම් අපි ගෙදරින්ම හදා ගත්තා.අපි කිව්වට අම්මා තමා ඉතින් හැදුවෙ.



ඔන්න එහෙනම් අපි අම්මටයි තාත්තාටයි වැදලා එහෙම ගමන පටන් ගත්තා.මේ ගෙදරට කන්ද පේන හැටි.



හෙල්ලෙන පාලමත් කට්ටියට අපුරු අත්දැකිමක් තමයි.



ගම් මැද්දෙන් කෑළෑවේ ආරම්භයට



කැළැවට කලින් තියෙන අන්තිම ගෙදර තමයි මේ, ගෙදර මල්ලි අපිට පාරත් කිව්වා පුසා හුරතල් කරන ගමන්ම



ඔන්න ඉතින් අපි ෆයිනස් කැලේ මැදින් ගමන පටන් ගත්තා





කුඩැල්ලොන්ගෙන් නම් අඩුවක් නෑ ඉතින්, මෙතන ඉදන් අපි කුඩැල්ලො ගලවලා දැම්මා




සිතල වතුර ටිකක් නොබීම බෑ ඉතින්



ගමනේදි හම්බ උන එකම සර්පයා, ඇහැටුල්ලෙක් නේද



දැන්නම් සැහෙන දුරක් ආවා ෆයිනස් කෑලේනම් තාම ඉවරයක් නෑ වගේ









6 Km විතර ෆයිනස් කැලේන් පස්සෙ මොනවාද තිබ්බෙ මම දෙවෙනි post එකෙන් දාන්නම්කො....

4 comments:

  1. katta wadi wunata mara fun habai :D

    ReplyDelete
  2. බොහොම සැහැල්ලුවෙන් වගේම කඩිමුඩියේ සූදානම් වෙච්චි ගමනක්... සුන්දර අත්දැකීම් බොහොමයක් අපි හැමෝම ලැබුවා.........

    ReplyDelete
  3. wow great trip...keep it up guys...

    ReplyDelete